ලංසු කැඳවීමේ ආරාධනයයි.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සඳහා අඛණ්ඩ විදුලි සැපයුම් ඒකක 02 ක් හා පරිගණක සර්වර් යන්ත්‍ර 02 ක්  සැපයුම් කිරීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ බලාත්මක කිරීමේ කටයුතු ප්‍රසම්පාදනය.

 

ලංසු අංකය - NIPO/PRO – 02/COM-01

1. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සඳහා, අඛණ්ඩ විදුලි සැපයුම් ඒකක 02 ක් හා පරිගණක සර්වර් යන්ත්‍ර 02 ක්  සැපයුම් කිරීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ බලාත්මක කිරීමේ කටයුතු ප්‍රසම්පාදනය කර ගැනීම සඳහා සුදුසුකම් සපුරාලන ලද ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ.

2. ජාතික තරඟකාරී ලංසු ක්‍රමවේදය උපයෝගී කරගනිමින් ලංසු කැඳවීම සිදු කරනු ලබන අතර ලංසු ලේඛනයන්හි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන යෝග්‍ය හා සුදුසුකම් සහිත සියලුම ලංසුකරුවන් හට ලංසු තැබීම විවෘත ව පවතී.

3. අවශ්‍යතා සම්බන්ධ විස්තරාත්මක සටහනක් ලංසු ලේඛනයන්හි අන්තර්ගත ය.

4. ආපසු ගෙවනු නොලබන රු.1000.00 ක ගාස්තුවක් මුදලින් ගෙවීමෙන් අනතුරුව, කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, අංක 400, සමාගම් මැදුරේ 02 වන මහලේ පිහිටි ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ගිණුම් අංශයෙන් අදාළ ලංසු කැඳවීම් ලේඛනයන්හි ඉංග්‍රීසි පිටපතෙහි සම්පූර්ණ කට්ටලයක් ලබාගත හැකිය. 2022.09.19 සිට 2022.10.10 දින දක්වා සතියේ රාජකාරි දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 3.00 දක්වා ලංසු කැඳවීමේ ලේඛන නිකුත් කරනු ලැබේ.

5. ලංසුකරුවන් සඳහා පූර්ව ලංසු රැස්වීමක් 2022.09.28 දින පෙ.ව.11.00 ට උක්ත ලිපිනයෙහි පිහිටි ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ දී පැවැත්වෙනු ඇත.

6. පිටපත් 02කින් යුතු නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු ලේඛන, “මුල් පිටපත” සහ “දෙවෙනි පිටපත” යනුවෙන් පැහැදිලි ව සළකුණු කර, 2022.10.11 දින ප.ව. 2.00 හෝ ඊට පෙර, ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, අංක 400, සමාගම් මැදුරේ 02 වන මහලේ පිහිටා ඇති ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ, ගණකාධිකාරී නිලකාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහා ලීම සිදුකළ යුතු ය. 

7. ප්‍රමාද වී ලැබෙන ලංසු භාර නොගන්නා අතර, ඒවා විවෘත නොකර ආපසු එවනු ලැබේ. විද්‍යුත් මාධ්‍යයන් හරහා යොමු කෙරෙන ලංසු භාරනොගෙන ප්‍රතික්ෂේප කරනු ඇත. 

8. ලංසු බහාලන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “අඛණ්ඩ විදුලි සැපයුම් ඒකක 02 ක් හා පරිගණක සර්වර් යන්ත්‍ර 02 ක්  සැපයුම් කිරීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ බලාත්මක කිරීමේ කටයුතු ප්‍රසම්පාදනය සඳහා ලංසුව” යනුවෙන් පැහැදිලිව  සඳහන් කළ යුතු ය.

9. ලංසු කැඳවීමේ වේලාව අවසන් වූ වහා ම, ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ඉදිරිපිට ලංසු විවෘත කිරීම සිදුකරනු ලැබේ. 

10. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පිළිගත් වාණිජ බැංකුවකින් ලබාගත් රුපියල් 60,000.00 ක (ශ්‍රී ලංකාවේ වලංගු රුපියල් මුදල් ඒකක වලින් රුපියල් හැට දහසක) වටිනාකමින් යුත් ලංසු සුරක්ෂණයක් සියලුම ලංසු සමඟ ඉදිරිපත් කළ යුතුවේ. ලංසු සුරක්ෂණය කොන්දේසි රහිත ඉල්ලුම් බැඳුම්කරයක් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු අතර, 2022.12.27 දින දක්වා (ලංසු කැඳවීම අවසන් වන දිනයේ සිට දින 77 ක කාලසීමාවක් දක්වා) වලංගු විය යුතු වේ. ඉහත ආකාරයෙන් සුරක්ෂිත නොවන ලංසු ප්‍රතිචාරාත්මක නොවන ලංසු වශයෙන් සලකනු ලැබේ.

11. අදාල සුදුසුකම් සපුරන ලංසුකරු තෝරාගැනීම සම්බන්ධ අවසාන තීරණය ගැනීමේ බලය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව සතු වේ. 

12. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයෙහි පහත අංක ඇමතීමෙන් ලබා ගත හැකිය. 

• අධ්‍යක්ෂ (තොරතුරු හා පරීක්ෂණ) - 0112669178

• ගණකාධිකාරී                 - 0112669177

• තොරතුරු තාක්ෂණ නිලධාරී - 0112689368 

 

සභාපති 

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය,

3 වන මහල, “සමාගම් මැදුර“,

නො.400, ඩී.ආර්.විජේවර්ධන මාවත,

 

කොළඹ 10.