ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පද්ධතිය පරිපාලනය කිරීම සම්බන්ධ බලය පැවරී ඇත. මෙම බලය පැවරීම සහිතව, 1979 අංක 52 දරණ ජාතික බුද්ධිමය දේපළ සංග්‍රහ පනතේ විධිවිධාන යටතේ මෙය පළමුව ස්ථාපිත කරනු ලැබූයේ 1982 ජනවාරි 01 වන දින දීය.

දැක්ම

වෙළඳපොළ කේන්ද්‍රීය බුද්ධිමය දේපළ පද්ධතියක් දේශය වෙත ලඟාකර දීමේ අභිප්‍රායෙන් යුතුව ගුණාත්මක බව අරමුණු කරගත් ඵලදායී සේවා සපයන ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක් බවට පත්වීම

මෙහෙවර

නිර්මාණශීලිත්වය හා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට රුකුල් දෙන බුද්ධිමය දේපළ පද්ධතියක් තහවුරු කිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට සහ නවෝත්පාදන සඳහා වන ආයෝජන දිරිමත් කිරීමට දායකවීම.

කාර්යභාරය

වෙළඳ ලකුණු, පේටන්ට් බලපත්‍ර, කාර්මික සැලසුම් ඇතුළු බුද්ධිමය දේපළ පරිපාලනය කිරීම සහ සාමූහික සංගම් ලියාපදිංචි කිරීම සහ පරිපාලනය කිරීම

  • බුද්ධිමය දේපළ පිළිබඳ තොරතුරු එක්රැස් කිරිම හා ප්‍රචාරණය
  • බුද්ධිමය දේපළ විෂය පිලිබද දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම
  • ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා බුද්ධිමය දේපළ භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම
  • බුද්ධිමය දේපළ ආශ්‍රිත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගකීම සපුරාලීම සහ ඒ පිළිබඳ කලාපීය සහ අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම
  • බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රතිපත්ති යෝජනා කිරීම
  • ප්‍රකාශන අයිතිය සහ සම්බන්ධිත අයිතිවාසිකම් පිළිබඳ ක්ෂේත්‍රයේ ආරවුල් නිරාකරණය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් බලාත්මක කිරීමට පහසුකම් සැපයීම
  • බුද්ධිමය දේපළ  නියෝජිතයන් ලියාපදිංචිය සහ පරිපාලනය