2022.06.03 දින ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ පරිගණක පද්ධතියෙහි සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් පද්ධතිය තාවකාලිකව විසන්ධි කිරීමට සිදු වනු ඇත. තවද පරිසර දිනයට සමගාමීව ශ්‍රමදානයක් මගින් කාර්යාලයේ අනවශ්‍ය ලේඛණ ඉවත් කිරීම ආදී කටයුතු ද මෙදින සිදු කිරීමට නියමිතය.

එබැවින්, පරිගණක පද්ධතිය ඔස්සේ සේවා ලබා දීම 2022.06.03 දිනට තාවකාලිකව අත්හිටවන බැවින් අත්‍යවශ්‍ය සේවාවකට හැර ආයතනයට පැමිණීම හෝ දුරකථන විමසුම් දීමෙන් වැලකී සිටින ලෙස කාරුණිකව දැනුම් දෙමි.

මේ සම්බන්ධව ඔබට සිදුවන අපහසුතාවය වෙනුවෙන් අපගේ කණගාටුව පල කරමු. ඔබගේ රාජකාරී ඉටු කර දීම සඳහා අප ආයතනයේ කටයුතු යාවත්කාලීන කිරීම ද අත්‍යවශ්‍ය බැවින් මේ සඳහා ඔබ ලබා දෙන සහයෝගය අතිශයින් අගය කරමි.

බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල්

02.06.2022