COVID-19 වසංගත තත්ත්වය යළිත් රට තුළ පැතිර යාමේ අවදානමක් ඇති බැවින්, රාජකාරි කටයුතු සඳහා බුද්ධිමය දේපළ කාර්යාලයට මහජනතාවගේ පැමිණීම සීමා කිරීමට සිදු වන බව කාරුණිකව දන්වමු.

රටේ තත්වය නැවතත් යහපත් තත්ත්වයට පත්වන තෙක් 2020.10.07 දින සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් උපදෙස් අනුගමනය කරන ලෙස බුද්ධිමය දේපළ නියෝජිතවරුන්ට සහ අයදුම්කරුවන්ට කාරුණිකව දැනුම් දෙන්නෙමු.

  • 2020.10.07 දින සිට නැවත දැනුම් දෙන තුරු, NIPO විසින් ගෙවීම් භාරගනු ලබන්නේ බැංකු මාර්ගගත මාරුවීම් (online transaction) / බැංකු තැන්පතු හරහා පමණි. තව ද කරුණාකර එක් එක් ගෙවීම් වර්ගය (නව අයඳුම්පත් සඳහා/ ගැසට් පත්‍රයේ පළ කිරීම් ආදී) සඳහා වෙන වෙනම බැංකු ගෙවිම් පත්‍රිකා/ මාර්ගගත ගෙවීම් භාවිතා කරන්න. එහිදී අදාළ නිවැරදි මුදල පමණක්ම ගෙවීම් කරන්න. (නියමිත ගාස්තුවට අඩු හෝ වැඩි වන පරිදි මුදල් ගෙවීම් නොකරන්න, සියලුම ගාස්තු එකතු කළ අගය මත බදු මුදලින් නිදහස් බව කාරුණිකව සලකන්න).
  • ගෙවීම් කළ යුත්තේ සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා පමණි. ප.ව. 3.00 න් පසු ගෙවීම් නොකරන ලෙස මින් දැනුම් දෙමු. ප.ව. 3.00න් පසු ගෙවීමක් කළ හොත් පසු දින සිදු කළ ගෙවීමක් ලෙස එම දිනය යොදා අංක ලබා දීම හා අවශ්‍ය කටයුතු ඉටු කරනු ඇත. මෙහිදි වේලාව සලකණු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් බව කරුණාවෙන් සලකන්න. නියමිත දිනට පෙර ලේඛන එවීමට/ ගෙවීම් කිරීමට අවශ්‍ය අයට අවසාන දිනය වනතුරු නො සිට ගෙවීම් කර එදින ම ගෙවීම් කුවිතාන්සිය හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීම් පහත දැක්වෙන විද්‍යුත් තැපැල් මඟින් ගොනු කරන ලෙස කාරුණිකව උපදෙස් දෙනු ලැබේ.

සැ.යු: ඔබ අයදුම්පත අප වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දිනයේම ගෙවීම් කළ යුතු අතර සියලු ඇමුණුම් සමඟ එදිනම ප.ව. 4.00ට පෙර පහත විද්‍යුත් තැපෑල් ලිපිනය වෙත පමණක් (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) යොමු කළ යුතුය. අයදුම්පත් සහ ගෙවීම් පත්‍රිකා එකට නොඑවා, වෙන වෙනම ඉදිරිපත් කළ හොත් හෝ කාර්යාලයේ වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයක් වෙත යොමු කළ හොත් නියමිත පරිදි අයඳුම් කිරිමක් ලෙස පිළිගනු නොලැබේ.

යම් විමසීමක් ඇත්නම් ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතු වේ.

  • ගෙවීම් සිදු කර බුද්ධිමය දේපළ කාර්යාලය වෙත ගෙවීම් කුවිතාන්සිය එවීමේ දී පහත සඳහන් ආකෘති පත්‍රය පුරවා ඒ සමඟ එවිම අනිවාර්ය වේ.

විද්‍යුත් තැපෑල හරහා ලේඛන යොමු කිරීමේදි පිරවිය යුතු ආකෘති පත්‍රය

  1. ලේඛන/ මුදල් ගෙවන අයගේ නම-
  2. ලේඛන/ මුදල් ගෙවන අයගේ  දුරකථන අංකය -
  3. ගෙවන මුදල -
  4. මුදල් ගෙවන්නේ කුමක් සඳහා ද -(අදාළ පිළිතුර තෝරන්න) - TM  /PA  / ID 
  5. ගෙවීමට අදාළ විස්තරය - උදා- නව අයඳුම්පත්, ගැසට් පත්‍රයේ පළ කිරීම්)
  6. එම මුදල අදාළ වන ගොනු අංකය- 
  7. ගෙවන දිනය හා වේලාව (වේලාව ආසන්න වශයෙන්) - 

බැංකු ගිණුම් විස්තර

               ආධායකයාගේ නම - බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල්

               ගිණුම් අංකය - 143-1-001-0-3298806

               බැංකුව - මහජන බැංකුව, සුදුවැල්ල ශාඛාව

               විද්‍යුත් තැපැල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විද්‍යුත් තැපෑල් ලිපින මඟින් එවීමේදි පහත සඳහන් පරිදි මාතෘකා යෙදිය යුතු යි.

වෙළඳ ලකුණු සඳහා - TM/Document type/Agent/owner name/file number

නිද: TM/New Application/A&B IP agent/C&D Company/New
       TM/Publication/A&B IP agent/C&D Company /203....

පේටන්ට් සඳහා - PA/Document type/Agent/owner name/file number 
කාර්මික සැලසුම් සඳහා - ID/Document type/Agent/owner name/file number

රටේ පවතින වර්තමාන තත්වය හේතුවෙන් මෙයින් ඔබට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටුව පල කරන අතර මෙම ක්‍රමය යටතේ ඔබට අපගේ සේවය ලබාදීම සඳහා අප ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයට ඔබ සියලු දෙනාගෙන් ලැබෙන සහයෝගය අගය කොට සලකමු.

ගීතාංජලි ආර්. රණවක
අධ්‍යක්ෂ ජනරාල් - ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
07.10.2020