ඉහත කරුණ සම්බන්ධයෙන් ගරු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නිළධාරින්ගේ හා බුද්ධිමය දේපළ කාර්යාලයේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් මස 04 වන දින සුහුරුපාය (19 වෙනි මහල), ශ්‍රී සුභූති පාර, බත්තරමුල්ල ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ශ්‍රවණාගාරයේදී පෙ.ව. 09.00 සිට ප.ව. 12.00 වනතුරු සාකච්ඡාවක් පැවැත්වේ. එම රැස්වීම සඳහා ගීත හා සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන්ට සහභාගී වන මෙන් විවෘතව ආරාධනා කරමි.

එම රැස්වීම සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන කලාකරුවන් වේ නම් පහත සඳහන් විද්‍යුත් ලිපිනයෙන් හෝ දුරකතන අංකයෙන් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වමි.

 

අධ්‍යක්ෂ ජනරාල් අංශය 

දුරකතන අංකය - 011-2669179
විද්යු ත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


ගීතාංජලී ආර්. රණවක
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය